ඇදරිනිතිය පැනවීම පිලිබද තීන්දු ගැනීමට පෙර වෛද්‍ය අදහස් සලකා බලන බව ජනාධිපතිතුමා ඇමති මණ්ඩලයට කියයි.

Share Button

ඇදරිනිතිය පැනවීම පිලිබද තීන්දු ගැනීමට පෙර වෛද්‍ය අදහස් සලකා බලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමති මණ්ඩලයට කියයි. ඇමති මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් ඊයේ රැස්විය. එහිදී ජනාධිපතිතුමා අවධාරණය කර ඇත්තේ යලි ඇදිරි නිතිය පැනවීම සම්බන්ධයෙන් තමා තීන්දු තීරණ නොගන්නා බවයි. ජාතියක් ලෙස ආරක්ෂාවීමේ වගකීම සියඵ ශ්‍රී ලාංකිකයින් සතුය. කොරෝනා ව්‍යප්තිය. ඇදිරි නිතිය සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇමති මණ්ඩල හමුවේදී අවධානයට ලක්විය. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය ව්‍යවස්ථාවෙන් හිමිවන්නේ මැතිවරණ කොමිෂමට බවද ජනාධිපතිතුමා මෙම හමුවේදී සදහන් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *