කොරෝනා මර්දනයට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 128 ක්.

Share Button

මෙරට කොරෝනා මර්දන වැඩපිළිවෙල සදහා ලෝක බැංකුව මගින් ඩොලර් මිලියන 129 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව විධායක අධ්‍යක්‍ෂ මණ්ඩලය අනුමත කර තිබේ. මෙම කඩිනම් සහන පැකේජයෙන් වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැලසීම සදහා අවස්ථාව ලැබෙනු ඇතැයි ලෝක බැංකුව විශ්වාසය පල කරන බව ලෝක බැංකුව වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන වොෂිංටන් නුවර නියෝජිත එළිනා කැරබෑන් පවසයි. මේ අවස්ථාවේදී ලෝක බැංකුව ශ්‍රී ලංකා රජය සමග සහයේාගීතාවයෙන් කටයුතු කරයි. රෝගයට අදාළ අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැනුවත් වීමට අපේක්ෂා කෙරේ. පවතින ආවදානම අවම කරගැනීම සදහා ශ්‍රී ලංකා රජයට සහයෝගය ලබාදෙන බවද නිවේදනයේ දැක්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11