ඇමරිකාවේ මුඛ ආවරණ සහ ස්වසන ආධාරක උපකරණ හිගයක්-සෞඛ්‍ය සේවකයෝ රැකියා හැර යති.

Share Button

ඇමරිකාවේ මුඛ ආවරණ සහ ස්වසන ආධාරක උපකරණ හිගයක් පවතින බව එරට සෞඛ්‍ය සේවකයෝ පවසති. මේ හේතුවෙන් අවධානමක් ගැනීමට සිදුවන අවස්ථාවලදී සේවය හැරයාමට ඇමරිකාවේ සෞඛ්‍ය සේවකයෝ ඊයේ තීරණය කලහ. නිව්යෝර්ක් නුවරින් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් හමුවී ඇත. නමුත් ස්වසන ආධාරක උපරකරණ අවම වීම නිසා ඉදිරියේදී මරණ රැසක් සිදුවිය හැකි බව නිව්යෝර්ක් සෞඛ්‍ය බලධාරීහූ කියති. පවතින ස්වසන ආධාරක සියල්ලම දැනට රෝගීන් භාවිතා කරන බව නිව්යෝර්ක් සෞඛ්‍ය ඒකකය කියයි. මේ අතර ඇමරිකාවේ ක්‍රියාත්මක මුඛ ආවරණ නිෂ්පාදනය කොට කැනඩාවට ආනයනය කරන සමාගම්වලට ඇමරිකානු ජනාධිපතිවරයා විශේෂ දැනුම්දීමක් කර ඇත. කැනඩාවට එම මුඛ ආවරණ ආනයනය කිරීමට පෙර රටේ සෞඛ්‍ය අංශවලට ලබා දීමට වහාම කටයුතු කරන ලෙස එම දැනුම්දීමේ දැක්වේ. නමුත් අදාල සමාගම පවසන්නේ ගෙවීම්වලට අදාල නිෂ්පාදන ආනයනය කල යුතු බවයි. කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය සිය සමීපතමින් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට චීන ජනතාව මේ දිනවල සූදානම් වන ආකාරය විදෙස් පුවත් වාර්තා කරයි. සාමුහික ක්‍රියාකාරකම්වලින් තොරව තනි පුද්ගලයින් වශයෙන් එසේ අවසන් ගෞරව දක්වන ආකාරය දක්නට ලැබේ. මේ වන විට ලෝකයේ කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව දස ලක්ෂ අනූ හය දහස් 682 ක් ලෙස දැක්වේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. එම සංඛ්‍යාව දෙලක්ෂ 76 දහස් තිස් හතකි. ඊයේ දිනයේදී පමණක් ඇමරිකාවෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 31 දහස් 160 කි. ඇමරිකාවෙන් වාර්තාවන මුඵ මරණ සංඛ්‍යාව 7385 කි. ගතවූ පැය 24 තුලදී පමණක් ඇමරිකාවේ මියගිය සංඛ්‍යාව 1314 කි. ප්‍රංශයේ ඊයේ දිනයේදී මියගිය සංඛ්‍යාව 1120 කි. ප්‍රංශයෙන් ඊයේ දිනයේදී පමණක් වාර්තා වන ආසාදිත මුඵ සංඛ්‍යාව 5233 කි. මේ වන විට ලෝකයේ මුඵ කොරෝනා මරණ සංඛ්‍යාව 59 දහස් 128 කි. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙනි . එම සංඛ්‍යාව 14 දහස් 681 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11