මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 159 දක්වා ඉහලට.

Share Button

මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 159 දක්වා ඉහල යයි . ඊයේ රාත්‍රී 10 වන විට කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු අඵතින් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. ඊයේ දිනයේදී පමණක් ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වීමත් සමග මුඵ ආසාදිතයින් සංඛ්‍යාව 159 දක්වා ඉහල ගොස් ඇත. සිව්වන ආසාදිත මරණය කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ඊයේ සිදුවිය. ජාත්‍යන්තර නිරෝධායන නිති රෙගුලාසීන්ට අනුව දේහය ආදාහනය කෙරිණ. මියගිය සිව්වැනි පුද්ගලයා රත්මලාන වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ වන විට කොරෝනා ආසාදනය වී සම්පුර්ණයෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව 24 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11