භූමිතෙල් ලීටරයකින් තවමත් රු. 23.89 ක් පාඩුයි- අමාත්‍ය අර්ජුන රණතුංග

Share Button

භූමිතෙල් ලීටරයකින් තවමත් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට රුපියල් 23.89 ක පාඩුවක් සිදුවන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ අද(18) පාර්ලිමේන්තුවේ දී ,මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගේ වාචික ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි. ඔහු පවසන පරිදි වැඩි කල භූමිතෙල් ලීටරය මිල ධීවරයින්ගේ ඉල්ලීම මත රු.70.00 දක්වා අඩු කලද , දැනටමත් භූමිතෙල් ලීටරයක රු. 93.89 ක් වැය වේ. එහි දී අමාත්‍යවරයා ඉන්ධන මිල සූත්‍රය පිලිබඳව ද අදහස් දැක්වීමක් කරන ලදී.

ඉන්ධන මිල සූත්‍රය භාණ්ඩාගාරයෙන් සිදු කරන ක්‍රමවේදයකි. ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙන විට මිල වැඩි කිරීමටත් , මිල අඩු වෙන විට මිල අඩු කිරීමටත් මේ ක්‍රමවේදයට හැකියාව ලැබේ. ඒ පිලිබඳ තීරණ ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, එම කමිටුවේ දෙන නිර්දේශයට අනුව ඉන්ධන මිල ගණන් , අඩු වැඩි කිරීම් ඉදිරියේ දී සිදු කරන බවත් අමාත්‍යවරයාගේ අදහසේ  සඳහන් විය.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *