ආනයනික බෝග 15 ක් රට තුළ ප්‍රවර්ධනය කිරීමේ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ආරම්භ විය

Share Button

ආනයනික අතිරේක බෝග 15 ක් රට තුළ ප්‍රවර්ධනය කිරීමේ දීපව්‍යාප්ත සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන දිවයිනේ ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් අද ආරම්භ විය.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ලොවපුරා ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඉදිරියේ ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් ආහාර නිෂ්පාදනය කඩිනම් කිරීමේ වැඩපිළිවෙලක් සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමි වු බවයි.

මහවැලි, කෘෂීකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති සියලු ආයතන සම්බන්ධ කරමින් මෙම ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය. අද ආරම්භ කෙරුණු වැඩසටහන යටතේ ඉඩම් අක්කර 65 දහසක් වගා කිරීිමට සැලසුම් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11