රටේ තත්ත්වය යහපත් වනතුරු කොරෝනා මර්දන වැඩසටහන වඩාත් විධිමත්ව ඉදිරියට

Share Button

රටේ තත්ත්වය යහපත් වනතුරු කොරෝනා මර්දන වැඩසටහන වඩාත් විධිමත්ව ඉදිරියට ගෙනයාමට රජය තීරණය කර තිබේ. කොවිඩ් 19 වසංගතය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය කර ඉදිරි පියවර තීරණය කිරිමේ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධීපති කාර්යාලයේදී අද පැවැත්විණි.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කිරීමේ රජයේ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පැහැදිලි කළේය.

එම වෛරසයේ ව්‍යාප්තිය හදුනාගත් මුල් අවස්ථාවේදීම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මෙම සෞඛ්‍ය ගැටඵව පාලනයෙන් ගිලිහී යා නොදී කළමනාකරණය කිරිීමට හැකි වු බව අවධාරණය කළේය.

වෛරසය මර්දනය සදහා ඉදිරියටත් තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය. වෛද්‍ය. ආරක්‍ෂක සහ නිීති ඇතුඵ අදාළ ක්‍ෂේත්‍රවල විශේෂඥයන්ගේ දැණුම හා නිර්දේශ මත පදනම්ව බව එහිදී අවධාරණය කෙරිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අධ්‍යනය කොට ඒවා සුදුසු පරිදි පිළිපැදීමටද තීරණය විය. ආසාදිතයන්. සැක කෙරෙන පිරිස සහ ඔවුන් ඇසුරු කළ අය දැඩි පරීක්‍ෂණයකට කල යුතු බවටද තීරණය වී තිබේ.

ආසාදිතයන් සහ ඔවුන් ඇසුරුකළ අය නිවැරදිව හදුනාගැනීමට හැකිවී ඇතැයි ආරක්‍ෂක බලධාරීහු එහිදී අවධාරණය කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11