පොලිස් අන්තර් කොට්ඨාශ මළල ක්‍රිඩා උළෙල ලබන සිකුරාදා කොළඹදි ඇරඹෙයි

Share Button

පොලිස් අන්තර් කොට්ඨාශ මළල ක්‍රිඩා උළෙල කොළඹ බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගනයේදි ලබන සිකුරාදා ඇරඹෙයි. එදින පෙරවරු 06.15 ට ආරම්භ වන කාන්තා හා පිරිමි මැරතන් ධාවන තරගයෙන් ක්‍රිඩා උලෙල ඇරඹෙයි. පොලිස්පති පුජිත ජයසුන්දර මහතා සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයායි. පුරා දින 3 ක් තිස්සේ පැවැත්වෙන මළල ක්‍රිඩා උළෙලට පොලිස් ක්‍රිඩක ක්‍රිඩිකාවෝ හාරදහසකට අධික පිරිසක් සහභාගි වෙති. පොලිස් කොට්ටාශ 60 ක් නියෝජනය වන අයුරින් පිරිමි ක්‍රිඩා ඉසව් 20 ක් හා කාන්තා ක්‍රිඩා ඉසව් 18 ක් ඊට ඇතුලත්ය. පොලිස් මළල ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවයට ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙයි පොලිස් මළල ක්‍රිඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ 81 වැනි වතාවටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *