කොළඹ නගරයේ වාතයේ සහ ජලයේ ගුණාත්මකභාවය ඉහලට
කොළඹ නගරයේ වාතයේ සහ ජලයේ ගුණාත්මකභාවය ඉහල ගොස් ඇත. පොලිස් ඇදිරිනිතිය පැනවීමත් සමග කොළඹ ඇතුඵ තදාසන්න ප්‍රදේශවල ජනතාවගේ ක්‍රියාකාරකම් සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ. ඊයේ පස්වරුව වන විට කොළඹ නගරයේ වායු ගුණාත්මක මට්ටම ඒකක 55 දක්වා ඉහල ගොස් ඇතැයි ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු ගුණාත්මක දර්ශකයේ දත්ත පෙන්වා දෙයි. රථ වාහන සංචලනය අවම වීම මීට හේතුව බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ට විද්‍යාඥ එච එස් පේ‍්‍රමසිරි මහතා කියයි. පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට වායු දූෂණය ඉතා ඉහල අගයක් ගත්තේය. මේ අතර කාර්මික අප ජලය ජල මාර්ගවලට මුදා හැරීම නතරවීම නිසා කැලණි ගගේ ජලයේ ගුණාත්මකභාවයද ඉහල ගොස් ඇත.