දිස්ත‍්‍රික්ක හයක හැර සෙසු දිස්ත‍්‍රික්කවල ඇදිරි නීතිය හෙට පෙරවරුවේ ලිහිල් කෙරේ

Share Button

කොළඹ කඵතර ගම්පහ පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත‍්‍රික්ක හැර සෙසු දිස්ත‍්‍රික්ක 19 ට දැනට ක‍්‍රියාත්මක ඇදිරි නිතිය හෙට පෙරවරු 6 ට ඉවත් කෙරේ. එදින පස්වරු 2 ට එම දිස්ත‍්‍රික්කවලට යලි ඇදිරි නිතිය පැනවේ. ඇදිරි නිතිය උල්ලංඝනය කල 12 දහස් 938 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. වාහන 3231 ක් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර අතුරු මාර්ග වල ද පොලිස් සංචාරක නිරීක්ෂණ ක‍්‍රියාත්මක වේ. අටුඵගම සම්මානයේ ඇතැම් පිරිස් බොල්ගොඩ ගග හරහා අනෙක් ගම්මානවලට පැමිණෙන බවට තොරතුරු ලැබී තිබේ. පොලිසිය විශේෂ බෝට්ටු සේවාවක් මගින් නිරික්ෂණ දැන් ආරම්භ කර ඇත. බණ්ඩාරගම පොලිසිය මෙහෙයුම් ක‍්‍රියාත්මක කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11