නිරෝධායනය අවසන් කල තවත් 217 දෙනෙක් ගම්බිම් බලා පිටත්ව යති.

Share Button

නිරෝධායනය අවසන් කල තවත් 217 දෙනෙක් අද දිනයේ ගම්බිම් බලා පිටත්ව ගියහ. මේ වන විට නිරෝධායනය අවසන් කර ගම්බිම් බලා පිටත්ව ගොස් ඇති මුඵ සංඛ්‍යාව 3169 ක් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙසේ නිරෝධායනය අවසන් කරන පිරිස් තවත් දින 14 ක් නිවෙස්වල සිට සෞඛ්‍ය උපදෙස් පිලිපැදීම අත්‍යාවශ්‍ය බව යුධ හමුදාපතිවරයා කියයි. මෙරට කෙරෝනා ආසාදිත සංඛ්‍යාව 176 දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ දිනයේදී පමණක් කොරෝනා ආසාදිතයින් නම දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. කොරෝනා ආසාදිත පුද්ගලයෝ සිව් දෙනෙක් ඊයේ දිනයේදී පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගියහ. රෝගය ආසාදනය වූ පුද්ගලයෝ 33 දෙනෙක් සුවය ලබා සිටිති. මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 5 කි. වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 138 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11