ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලංකා සුපවේදීයා දින 21 ක නිරෝධායන කාලයක් සදහා බූස්ස හමුදා කදවුරට

Share Button

ඉතාලියේ එම් එස් සී මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකා සුපවේදී අනුර හේරත් මහතා කොළඹ වරායට ආරක්ෂිතව රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පවසයි. දින 21 ක නිරෝධායන කාලයක් සදහා ඔහු බූස්ස හමුදා කදවුරට යොමු කර තිබේ. අද පෙරවරු 08 30 ට පමණ කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් මගින් වරායට ගෙන එනු ලැබීය. සමාජය මාධ්‍යට වීඩියෝවක් නිකුත් කරමින් මෙම සුපවේදියා ඊයේ දිනයේ ජනාධිපතිතුමාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම මගී නෞකාව ඉන්ධන ලබා ගැනීමට කොළඹ වරායට සේන්දුවීමට නියමිත බැවින් තමන්ට ශ්‍රී ලංකාවට ඇතුඵවීමට අවසර ලබා දෙන ලෙසයි. රජයේ විශේෂ අවසරයකින් අනුර හේරත් සුපවේදියා මෙරටට ගෙන්වා ගක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා කියයි. මෙම නෞකාව ඔස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11