ජපානයට හදිසි තත්ත්වයක්

Share Button

ජපානයට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කෙරේ. ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා මාධ්‍යට අදහස් දක්වමින් පවසන්නේ තවදුරටත් කොරෝනා ආසාදනය ව්‍යප්තිය අවම කිරීම සදහා මෙම තීරණය ගත් බවයි. මේ වන විට ජපානයෙන් මේ වන විට ආසාදිතයින් 3654 ක් වාර්තා වන අතර මරණ 85 ක් වාර්තා වේ. ජපානයේ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 575 කි. රටවල් 208 කට වෛරසට ව්‍යප්ත වී ඇත. ඇමරිකාවෙන් වාර්තාවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3 ලක්ෂ 36 දහස් 830 කි. මේ වන විට ලෝකයේ කොරෝනා ආසාදනය වී ඇති මුඵ සංඛ්‍යාව 12 ලක්ෂ 73 දහස් 810 කි. ගතවූ පැය 24 තුලදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. සංඛ්‍යාව 1151 කි. එරට මුඵ මරණ සංඛ්‍යාව 9602 ක් ලෙස සටහන් වේ. ස්පාඥ්ඤයේ ඊයේ දිනයේදී පමණක් මියගිය සංඛ්‍යාව 694 කි. ස්පාඤ්ඥයේ මුඵ මරණ සංඛ්‍යාව 12 දහස් 641 ක් ලෙස වාර්තා වේ. බ‍්‍රිතාන්‍යයේ 621 දෙනෙක් වෛරසය ආසාදනය වී ඊයේ මිය ගියහ. බ‍්‍රිතාන්‍යයේ මුඵ මරණ සංඛ්‍යාව 4934 ක් ලෙස සටහන් වේ. ඉතාලියෙන් පසුගිය පැය 24 දී මරණ 535 ක් වාර්තා වේ. ඉතාලියේ මුඵ මරණ සංඛ්‍යාව 15 දහස් 887 කි. ප‍්‍රංශයේ මුඵ මරණ සංඛ්‍යාව 8078 ක් වන අතර ඊයේ දිනයේදී වාර්තා වන මරණ සංඛ්‍යාව 518 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11