ඉදිරි දෙසතිය තුල එළවඑ මිල පහලට

Share Button

එළවඑ මිල ගනන් ඉදිරි සති දෙක තුල පහත වැටෙනු ඇතැයි කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කියයි. සෑම වසරකම මේ කාලයේ එළවඑ මිල ඉහල යාම සාමාන්‍ය තත්ත්වයකි. වෙළූඳපලට වැඩි අස්වනු ප්‍රමානයක් ලැබිමත් සමග මිල පහත වැටෙනු ඇත. සහල් හා පොල් මිල පසුගිය මාසයට සාපේකෂව පහත වැටි ඇතැයි ද මෙම ආයතනය කියයි නාඩු සහල් කිලෝවක මිල රුපියල් 7 කින් පහත වැටී තිබේ.

මහ කන්නයේ අස්වනු ලැබීමත් සමග එම මිල තවදුරටත් පහත වැටෙනු ඇත. රුපියල් 40 ක බද්දක් පැනවීම හේතුවෙන් ආනයනික අර්තාපල හා ලොකු එෑණු මිල තරමක ඉහළ අගයක් ගෙන තිබේ ලබන මාසයේ දේශිය අස්වනු ලැබිමත් සමග එම මිල ගනන් පහත වැටෙනු ඇතැයි එම ආයතනය පවසයි. වෙළූඳපලේ බිත්තර මිල ඉහල යාම අසාමාන්‍ය තත්ත්වයකි. කෘතිම හිගයක් මවාපාමින් මිල ඉහල දමා තිබේ. එම තත්ත්වය තවදුරටත් පැවතිය හොත් රජය මැදිහත් වී මිල පහත දැමීමට ක්‍රියා කරනු ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කියයි. එම ආයතනය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *