ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදය උග්‍ර අතට

Share Button

ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ගැටඑව මුල්කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ පවතින අර්බුදය තව දුරටත් උග්‍ර වෙයි. ඉදිරි ජනාධිපතිවරනයේදී ශ්‍රි ලංකා පොදු පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කල ප්‍රකාශය සම්බන්දයෙන් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කනස්සල්ල පලකර තිබේ එම සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කලේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා කල යුතු බවට ඔහු පසුගිය කාලයේ මාධ්‍ය හමු කිහිපයකදීම සඳහන් කර තිබිනි. ඒ නිසාම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා ඇතුඑ කිහිපදෙනෙකුගේම ප්‍රහාරයට ඔහු ලක්විය. එහෙත් ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් ප්‍රසන්න මහතා පැවසුවේ වංචා දූෂණවලට සම්බන්ධ කිසිවෙකුට හෝ තම සංවිධානය සහාය නොදෙන බවයි.
සොරකම් කළ අයට යළි බලයට පත්විමට ඉඩ නොදෙන බවට ඔහු කරන ප්‍රකාශයෙන් පෙනී යන්නේ එය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමට එල්ල කරන ලද්දක් ද යන්න පිළිබඳව දේශපාලන සමාජය තුල පුඑල් කථිකාවක් ගොඩනැගෙමින් පවතී. කෙසේ වෙතත් මේ සියලු කරුණු වලින් පෙනී යන්නේ වියත් මග හා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අතර පවතින අර්බුදයේ බරපතලකමයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *