ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් කොරෝනා වෛරසය පිටුදැකීම සදහා නිර්මාණය කළ ගීතයක්

Share Button

කොරෝනා වෛරසය පිටුදැකීම සදහා නිර්මාණය කළ ගීතයක් එළිදැක්විම ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී අද සිදුකෙරිණි. ලංකා ඛණීජතෙල් තොග ගබඩා පර්යන්තය ඊට අනුග‍්‍රහය දැක්විය. සංගීතවේදී ජගත් වික‍්‍රමසිංහි රන්දීව් විතාන. තීක්‍ෂණ අනුරාධ හා උමාරා සිංහවංශ යන ගායක ගායිකාවෝ ඊට දායකවුහ. බන්දුල ගුණවර්ධන සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණි. ගිිතය ඇතුළත් සංයුක්ත තැටිය අමාත්‍යවරුන් වෙත පිළිගැන්වුණු අතර එය අන්තර්ජාලයට එක් කිරිමද එහිදී සිදුකෙරිණි. ඉන් ලැබෙන සම්පුර්ණ ආදායම කොවිඩ් 19 අරමුදලට පිරිනැමේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී කියා සිටියේ ලොකයේ බලපත් රටවලට පාලනය කිරීමට නොහැකි වු වසංගතයකට සාර්ථකව මුහුණදීමට හැකිවුයේ මෙරට ආරක්‍ෂක සහ සෞඛ්‍ය අංශවල කැපවීම නිසා බවයි

මහජනතාවගේ විනය පවතින්නේ නම් මෙම උවදුරෙන් මිදිමට හැකියාව ඇති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේය.

ඛණීජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති උවයිස් මොහොමඩ් මහතා පැවසුවේ මගේ යන සංකල්පයෙන් මිදී අපේ යන සංකල්පයට සියඵ දෙනා යායුතු බවයි.

ගීතයකින් විශාල මෙහෙවරක් ඉටුකළ හැකි බවත් මෙම ගිතයේ ධෛර්යය ගැබ් වී ඇති බව ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංසථාවේ සභාපති ජගත් වික‍්‍රමසිංහ මහතා පැවසිය.

ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද‍්‍රපාල ලියනගේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා යන මහත්වරු ඇතුඵ පිරිසක් උත්සවයට එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11