ශ්‍රි ලංකාව බලය හා දුෂණය අතර සබදතාව බිඳ දැමිමට පියවර රැසක් ගෙන ඇතැයි ජනාධිපතිතුමා කියයි

Share Button

බලය හා දුෂණය අතර සබදතාව බිඳ දැමීමට ගෙවිගිය වසර 3 තුල ශ්‍රි ලංකාව වැදගත් පියවර රැසක් තැබූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. අසීිමිත බලය. දුෂණය නිර්මානය කරන බව එතුමා පෙන්වා දුන්නේ ජොර්ජියාවේ තිබිලිසි සම්මන්ත්‍රන සහ සමරු ශාලාවේදි ආරම්භ වු විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක සමුඑව අමතමිනි. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයට අදාල මුලධර්ම ප්‍රවර්ධනය කිරිමට ශ්‍රි ලංකාව ගෙන ඇති පියවර පිළිබඳව එහිදි අදහස් දැක්වු ජනාධිපතිතුමා තමන් ජනාධිපති ධූරයට පත්කළ විට ලෝකයේ කිසිඳු රටක නොමැති අන්දමින් අසිමිත බලයක් ශ්‍රි ලංකා විධායක ජනාධිපති ධූරය සතුව තිබූ බව පැවසීය.

තමන් ජනාධිපති ධූරයට පත්ව මාස 6 ක් යාමටත් පෙර ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් එම අසිමිත බලතල පාර්ලිමේන්තුවට පවරා පාර්ලිමේන්තුව ශක්තිමත් කළ බව එතුමා සඳහන කලේය. එදා අගවිනිසුරු වරයා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර වරුන්. පොලිස්පතිවරයා. නීතිපතිවරයා හා කොමිසන් සභා නිලධාරින් පත්කෙරුණේ ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි බව පැවසූ ජනාධිපතිතුමා එහෙත් වර්තමානයේ ඒ සියල්ල සිදුවන්නේ පාර්ලිමේන්තුව පත්කල ව්‍යවස්ථාපිත සභාවක් මගින් බව පෙන්වා දුන්නේය.

තමන් රට භාරගන්නා විට දේශපාලන බලය හේතුවේන අධිකරණය දැඩි දූෂණයට ලක්ව තිබූ බව එතුමා පැවසීය. අධිකරණයේ ස්වාධිනත්වය ආරක්ෂා කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමසම ඇතුඑ සියලු කොමිසන් සභා වර්තමානයේ ශක්තිමත් වි ඇත. කිසිවෙකුගේ හෝ බලපෑමකින් තොරව ස්වාධින හා අපක්ෂපාතී ආයතන ලෙස ඒවා ක්‍රියාත්මක වන බව ජනාධිපතිතුමා පැවසීය.

දේශපාලඥයා හෝ රාජ්‍ය නිලධාරියා තමා සතු පෞද්ගලික බලය හැකි තරම් අවම කරමින් බලය ව්‍යවස්ථාපිත ලෙස සාමුහිකත්වයට බාරකල යුතුය. වැඩමුඑ හා සම්මන්ත්‍රන මගින් ඒ පිළිබඳව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමටත්. දූෂණය හා වංචාව පිටුදැකිම පිළිබඳව සිවිල් සමාජය සතු බලතල භාවිත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *