සිනමාශාලා හිමියන්ට චිත්‍රපට සංස්ථාවෙන් සහනයක්.

Share Button

රිත්මා ප්‍රදර්ශක මණ්ඩලයේ සියලු සිනමා ශාලා හිමියන්ට රුපියල් ලක්‍ෂයක සහන දීමනාවක් ලබාදීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කරයි. එය ලබාදෙන්නේ තුන් මසක කාලයක් සදහායි. ඉන් රුපියල් 50 දහසක් සේවක මණ්ඩල වැටුප් සහ නඩත්තු දීමනාවක් ලෙස පිරිනැමේ. ඉතිරි මුදල මාස 10කදී කොටස් වශයෙන් ගෙවිය හැකි පොලි රහිත ණය මුදලක් ලෙස ලබාදෙනු ඇත. ඊට අමතරව සිනමා ශීල්පී විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ 160 දෙනෙකුට මාසිකව ගෙවන රුපියල් පන් දහසක දීමනාව සෑම මාසකම 3 වැනිදාට පෙර ගෙවන බව සංස්ථාවේ සාමාන්‍යාධිකාරි නිලංග විතාන මහතා පවසයි. සිනෙස්ටා පදනම මගින් රුපියල් පන්දහසක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11