දිස්ත්‍රික්ක 06 ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය හෙට පෙරවරු 6.00 ට ඉවත් කෙරේ. – පස්වරු 4.00 ට යළි පැනවෙයි.

Share Button

අවදානම් කලාප ලෙස හදුනාගෙන ඇති දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇදිරී නීතිය හෙට පෙරවරු 6.00 ට ඉවත් කෙරේ. එය යළි එදින සවස 4.00 ට පැනවෙයි. එම දිස්ත්‍රික්කවලට යළි පනවන ඇදිරි නීතිය ලබන අගහරුවාදා උදේ 6.00 දක්වා බලපැවැත්වෙයි. එදින උදේ 6.00 ට ඉවත් කෙරෙන ඇදිරි නීතිය සවස 4.00 සිට නැවත ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. කොළඹ. ගම්පහ. කඵතර. පුත්තලම. මහනුවර. සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇදිරිනීතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නතර කිරීම සදහා ඇදිරි නීතිය පැනවිීම ඇතුඵ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ යහපත වෙනුවෙනි. එබැවින් ඇතිවන දුෂ්කරතා පිළිබඳව අවබෝධයෙන් හා වගකීමෙන් කටයුතු කරන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටිී. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්‍යයන් සදහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පුර්ණයෙන් තහනම්ය. අත්‍යවශ්‍ය සේවා කාර්යක්‍ෂ්මව පවත්වාගෙන යාමට යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ. ඇදිරි නිීති කාලයේදී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි පරිදි නොකඩවා සැපයිමට රජය සියඵ විධිවිධාන යොදා ඇත. කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එම වැඩ කිරිීමට අවසර පවතී. දැනට හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති ගම්මාන තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස සැලකේ. කවරකුට හෝ එම ගම්මානවලට ඇතුඵවීම හෝ ඉන් පිටවීම නැවත දැනුම් දෙන තුරු සම්පුර්ණයෙන් තහනම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11