කොරෝනා අරමුදලේ ශේෂය රුපියල් මිලියන 517 දක්වා ඉහළට.

Share Button

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලට තවත් රුපියල් මිලියන 97 ක් පරිත්‍යාග කෙරේ. මේ වනවිට එහි ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා තිබේ. අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා සිය අමාත්‍යංශය යටතේ ඇති ආයතන ලබාදුන් රුපියල් මිලියන 29 යි දශම 5 ක් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පරිත්‍යාග කළ රුපියල් මිලියන දෙකයි දශම අටක් සහ අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සිය අප්‍රේල් මස වැටුප ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත පීිළිගැන්වුහ. ඊට අමතරව තවත් පෞද්ගලික ආයතන හා සංවිධාන රැසක් එම අරමුදලට පරිත්‍යාග ලබාදී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *