ලෝකයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව දහසය ලක්ෂය ඉක්මවයි .

Share Button

ලෝකයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව දහසය ලක්ෂය ඉක්මවයි . එම සංඛ්‍යාව 16 ලක්ෂ පන් දහස් 372 ක් ලෙස දැක්වේ. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 235 න් 210ක වෛරසය ව්‍යප්ත වී ඇත. ගතවූ පැය 24 තුලදී කොරෝනා වැලදුණු වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. සංඛ්‍යාව 30 දහස් 959 කි. ඇමරිකාවේ ආසාදනය වී ඇති මුඵ සංඛ්‍යාව 4 ලක්ෂ 68 දහස් 895 කි. ප්‍රංශයේ ආසාදිත මුඵ සංඛ්‍යාව 1 ලක්ෂ 17 දහස් 749 ක් වන අතර ගතවූ පැය 24 දී ප්‍රංශයෙන් ආසාදනය වූ සංඛ්‍යාව 4799 ක් වේ. බ්‍රිතාන්‍යයේ ආසාදිතයෝ 65 දහස් හැත්තෑ හතක් වාර්තා වෙති. ඊයේ දිනයේදී බ්‍රිතාන්‍යයෙන් වාර්තාවන ආසාදිත සංඛ්‍යාව 4344 කි. ගතවූ පැය 24 දී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. සංඛ්‍යාව 1757 කි. ඇමරිකාවෙන් වාර්තාවන මුඵ මරණ සංඛ්‍යාව 16 දහස් 548 කි. ප්‍රංශයෙන් ගතවූ පැය 24 දී පමණක් මරණ 1341 ක් වාර්තා වේ. ප්‍රංශයේ මුඵ මරණ සංඛ්‍යාව 12 දහස් 210 කි. පසුගිය පැය 24 දී බ්‍රසීලයෙන් කොරෝනා මරණ 130 ක් වාර්තා වේ. බ්‍රසීලයෙන් වාර්තා වන මුඵ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18 දහස් අනූ දෙකකි. ඊයේ දිනයේදී පමණක් බ්‍රසීලයේ ආසාදිතයෝ 1904 ක් වාර්තා වූහ. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන මුඵ ආසාදිතයින්ගේ ගනන 6725 කි. ඉන්දියාවෙන් මරණ 226 ක් වාර්තා වේ. ගතවු පැය 24 දී පමණක් ඉන්දියාවෙන් මරණ 48 ක්ද ආසාදිතයෝ 809 දෙනෙක්ද වාර්තා වෙති. පකිස්ථානයෙන් වාර්තාවන මුඵ ආසාදිත සංඛ්‍යාව 4489 කි. මරණ 65 ක් පකිස්ථානයෙන් වාර්තා වේ. ඊයේ දිනයේදී පමණක් පකිස්ථානයෙන් ආසාදනය වූ පුද්ගලයින් 226 ක් වාර්තා වන අතර මරණ 4 ක් වාර්තා වේ.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා ඩොලර් බිලියන 500 ක අරමුදලක් ස්ථාපනය කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇත. යුරෝපා සංගමයේ සභාපති මාරියෝ සෙන්ටිනෝ පවසන්නේ යුරෝපයේ රටවල් රැසක් වෛරසයෙන් දැඩි අවධානමකට ලක්ව සිටින බවයි. මේ අතර ඇමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් වෙනුවෙන් යාඥා කරන බවයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ වන විට දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කොට සාමාන්‍ය ප්‍රතිකාර ඒකකය වෙත යොමු කර ඇත. මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසන්නේ 1930 වසරට පසු ලෝකය මුහුණ දෙන දරුණුතම මුල්‍ය අර්බුධය මේ වසරේ වාර්තා වන බවයි. ආසියානු කලාපයේ ඇගඵම් කර්මාන්තය වඩාත්ම අවධානමට ලක්වන රැකියාව බව අරමුදල පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *