විදේශ මුදල් තැන්පත් කිරීමට නව බැංකු ගිණුමක්

Share Button

රටෙ සහ රටින් බැහැර ශී‍්‍ර ලාංකිකයන්ට විදේශ මුදල් ඉපැයීම. ඉතිරි කිරීම සහ ආයෝජනය ශී‍්‍ර ලංකාවේ තමන් කැමැති බැංකුවක තැන්පත් කිරීමට නව ගිණුමක් හදුන්වා දී තිබේ. එය විශේෂ තැන්පතු ගිණුම ලෙස නම්කර ඇත. නව ගිණුම කාලීන හෙවත් ස්ථාවර තැන්පතු විශේෂයකි. ද්විත්ව පුරවැසියන්ට. ශී‍්‍ර ලංකා සම්බවයක් සහිත වුවන්ට. රටින් බැහැර අන්‍යය ජාතිකයන්ට. සංස්ථාපිත හෝ ලියාපදිංචි අරමුදල්. ව්‍යාපාරික ආයතන හා සමාගම්වලට සහ ශී‍්‍ර ලංකාවේ අභිවෘද්ධිය ප‍්‍රාර්ථනා කරන ඕනෑම කෙනෙකුට තමන් කැමැති බැංකුවක විශේෂ තැන්පතු ගිණුම් විවෘත කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.. එම ගිණුමෙහි තැන්පත් කළහැකි මුදල් ප‍්‍රමාණයට අවම සීමාවක් නැත. තැන්පතුවක අවම කාලය මාස 6කි. සාමාන්‍ය විදේශ මුදල් තැන්පතුවකට ගෙවන පොලි අනුපාතයට වැඩි පොලි අනුපාතයක් තැන්පතුව කල් පිරීමේදී ගෙවනු ලැබේ. මාස 6 ක විශේෂ තැන්පතු ගිණුමකට සියයට 1 ක සහ මාස 12 ක තැන්පතුවකට සියයට 2 ක වැඩිපුර පොලියක් හිමිවේ. තැන්පතුව කල්පිරුණු විට එහි ඇති මුදල් බාධාවකින් තොරව වෙනත් මුදලකට පරිවර්තනය කිරීමටත් ශී‍්‍ර ලංකාවෙන් බැහැරගෙන යාමටත් අවසර පවතී. සියලු තැන්පතු බදුවලින් සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරෙ. ගිණුම් හිමියන්ට ලැබෙන වැඩිදුර ප‍්‍රතිලාභ සහ ඊට අදාළ නෛතික ප‍්‍රතිපාදන 2020 අයවැය ලේඛණයෙන් හදුන්වා දෙන බව එම නිවේදනයේ දැක්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11