ප‍්‍රංශය යුද නෞකාවක කොරෝනා ආසාදිතයෝ පිරිසක්

Share Button

ප‍්‍රංශයට අයත් යුද නෞකාවකින් කොරෝනා ආසාදිතයෝ පිරිසක් හදුනා ගැනෙති. ගුවන්යානා ප‍්‍රවාහන නෞකාවක් වන එහි ආසාදිතයන් 50 දෙනෙකුට වැඩි පිරිසක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආසාදිතයින් පිරිසක් ගුවන් මගින් එරට හමුදා රෝහලකට ඇතුලත් කර තිබේ. නෞකාවේ කොටසක් සම්පුර්ණයෙන් වසා දමා තිබේ.

කොවිඩ් 19 උපාය මාර්ගික සුදානම සහ කි‍්‍රයාත්මක දෙවන සැලැස්ම ඉදිරි දිනවල නිකුත් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි. මෙම රෝගයේ මරණ අනුපාතය ඉන්ෆ්ලුවන්සා වෛරසයට වඩා දස ගුණයකින් වැඩි බව එම සංවිධානය පවසය. මීට මාස දෙකකට පෙර එහි පළමු සැලැස්ම කි‍්‍රයාත්මක කෙරිණි. කොරෝනා වෛරසයෙන් බොහා රටවල සෞඛ්‍ය පද්ධතියට මෙන්ම ආර්ථිකයටද දැඩි බලපෑම් එල්ල වී තිබේ.

උතුරු බ‍්‍රසීලයේ අමෙයිසන් වනාතරයේ වෙසෙන හුදෙකලා ගෝති‍්‍රක කණ්ඩායමක 15 හැවිරිදි දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියොගස් ඇතැයි වාර්තාවෙයි. ඛණිජ ද‍්‍රව්‍ය ලබාගැනීමට නීති විරෝධීව පතල් කැණිමේ යෙදී සිටින්නන්ගෙන් එම දරුවාට රෝගය බෝවන්නට ඇතැයි බ‍්‍රසීල සෞඛ්‍ය අංශ පවසයි. ගෝති‍්‍රක ජනතාවට වෛරස් රෝගවලින් ආරක්‍ෂාවීමේ ප‍්‍රතිශක්තිය ස්වභාවයෙන්ම ඔවුන්ට ඇතැයි පැවසුවත් මෙම ගෝති‍්‍රක දරුවා එම රෝගය වැලඳීමෙන් මියයාම ගැටඵවක් බවද එම අංශ පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *