දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය පිණිස සංස්කෘතික වැඩසටහනක්

Share Button

කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය පිණිස සංවිධාන කළ සංස්කෘතික වැඩසටහන ලබන සිකුරාදා (20) පස්වරු 07 ට ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ආකේඩ් පරිශ්‍රයේ දීපැවැත්වේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ මග පෙන්වීමෙන් ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය ඇතිව පැවැත්වෙනමෙම සංදර්ශනය සෑම සිකුරාදාවකම සවස 7ට කොළඹ ආකේඩ් හි දි පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන නැරඹීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන අතර ෙගායන, වාදන මෙන්ම නැටුම් සහ වෙනත් සංස්කෘතික අංග ද මෙයට ඇතුළත් කොට තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ද මෙය සංවිධාන කිරීම සඳහා දායකත්වය ලබා දෙයි.
සංචාරක අධිකාරිය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන 2017-2020 සංචාරක උපායමාර්ගික සැලස්මෙන් අගනුවරට පැමිණෙන සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා මෙබඳු වැඩසටහන් දියත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කොට ඇත.

ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැසුවේ, ඉදිරියේ දී තවත් වර්ණවත් අංග මෙයට එක් කෙරෙනු ඇති බවයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ උපදේශක මේජර් ජෙනරාල් මිහිඳුකුලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

මෙම වැඩසටහනට මේ වන විටත් යහපත් ප්‍රතිචාර බොහෝ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති බව පැවසු මිහිඳුකුලසූරිය මහතා ආකේඩ් සහ නිදහස් චතුරශ්‍රයේ වත්මන් වටපිටාවට බාධා සිදු නොවන අයුරින් මෙම වැඩසටහන පවත්වන බවත් ඉදිරියේ දී අගනුවර ආශ්‍රිතව තවත් ස්ථානවල ද මෙම සංස්කෘතික වැඩසටහන පැවැත්වීමේ ඇති හැකියාව ගැන සොයා බලන බව ද ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *