සරණාගත බෝට්ටුවක් බංග්ලාදේශයට

Share Button

රෝහින්ගි්‍යා සරණාගතයන් 380 ක් සමග බෝට්ටුවක් බංග්ලාදේශ වෙරළාරක්‍ෂක බලකාය මුදාගෙන තිබේ. එය මාස 2 කට ආසන්න කාලයක් මුහුදේ පාවෙමින් තිබු බව පැවසේ. ඔවුන් දැඩි ලෙස පීඩාවට සහ කුසගින්නේ සිටි බව පැවසේ. 20 ත් 25 ත් අතර පිරිසක් මිය ගොස් ඇති බවද වාර්තාවෙයි. ඔවුන් මැලේසියාවට යාත්‍රා කරමින් සිට ඇත. එහි සිටි බහුතරය් කාන්තාවන් සහ ළමුන් බව බී බී සී පුවත් සේවය කියයි.

……..

මේ මාසය අවසානය වනවිට අමෙරිකාවේ විරැකියා අනුපාතය සියයට 20 ක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොරෝනා වෛරසය හේතුවෙන් ව්‍යාපාර රැසක් වසා දැමීම සහ වැඩි පිරිසකට සීමා පැනවීම ඊට හේතු වී තිබේ. මේ නිසා එරට කුඩා පරිමාණ ව්‍යාපාරවල සේවකයන් රැකියාවලින් ඉවත් කිරීමේ තත්ත්වයක්ද උද්ගතව තිබේ.


චීනය භූගත න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකර ඇති බවට අමෙරිකාව චෝදනා කරයි. 1996 අත්සත් තැබුණු න්‍යෂ්ටික පරීක්‍ෂණ තහනම් කිරීමේ ගිවිසුමට අනුව එවැනි අත්හදා බැලීම් සිදුකළ නොහැකිය. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදයේ තවත් අවස්ථාවක් ලෙස ජාත්‍යන්තර මාධ්‍ය මෙය හදුන්වාදී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *