වාණිජ බැංකුවලට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” කවුළු

Share Button

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක රාජ්‍ය හා පෞද්ගලික බැංකු සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා “ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ” විශේෂ කවුළු විවෘත කිරීමට කටයුතු කර තිබේ.

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන විශේෂ ගනුදෙනුකාර සේවා කවුළු දෙකක් කොළඹ පිහිටි ලංකා බැංකු මුලස්ථානයේ දී හා මහජන බැංකු මුලස්ථානයේ දී ඊයේ (18) විවෘත කෙරිණ.

එය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර එහිදී රජයේ සහන ණය යොජනා ක්‍රමවල ප්‍රතිලාභීන්ට ණය මුදල් පිරිනැමීම ද සිදුවිය.

මේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, නියෝජ්‍ය ලේකම් චන්ද්‍ර ඒකනායක, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා, මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍ය අධිකාරී එන්. වසන්ත කුමාර් යන මහත්ම මහත්මීන් හා ඉහළ කළමනාකාරීත්ව නිලධාරීන් හා ගනුදෙනුකරුවන් ද සහභාගී වී සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *