කළු ගඟ සංවර්ධනයට සෞදියෙන් මිලියන 2560ක්

Share Button

කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කළ වියදමට වඩා වැඩි මුදලක් වැයවීම හේතුවෙන් එම හිඟ කොටස් ගෙවීම පිණිස රුපියල් මිලියන 2560 ක අතිරේක ණය මුදලක් ලබා දීමට සෞදි අරමුදල එකඟ වී තිබේ.

බලාපොරොත්තු නොවු භූ විද්‍යාත්මක තත්ත්වයන් හා වෙනත් විවිධ හේතුන් මත අපේක්ෂිත මුදලට වඩා වැඩි වියදමක් ව්‍යාපෘතිය වෙනුවෙන් දැරීමට සිදුව තිබේ.

සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD), අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED) හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල(OFID) යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි.

යෝජිත කළුගඟ ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 265 වන අතර ඉන් ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහ කන්ද ජලාශයට හැරවීමට හැකිවේ. මෙම ව්‍යාපෘතිය යටතේ කළුගඟ ද්‍රෝණියේ හෙක්ටයාර 3000ක නව වාරි ප්‍රදේශයක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස් . සමරතුංග මහතා හා සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලෙහි නියෝජ්‍ය සභාපති හා කළමානාකාර අධ්‍යක්ෂ සුසුෆ් ඉබ්රහිම් අල් අබ්දුල් රහමාන් අල් බසාම් මහතා විසින් ඊයේ (18) මුදල් අමාත්‍යාංශයේ දී අතිරේක ණය මුදල් සඳහා වන ගිවිසුමට අත්සන් තැබුහ.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *