හමුදාවේ කටයුතුවලට ජනපති, අගමැති මැදිහත් වෙන්නේ නැහැ – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Share Button

තමන් හා ජනපතිතුමන් හමුදාවේ කටයුතුවලට මැදිහත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පැවතිය යුතු හමුදා කඳවුරු හා ඒ ඒ ප්‍රදේශයන්ට අනුයුක්ත කරන කඳවුරු සංඛ්‍යාව තීරණය කරන්නේ හමුදාව විසින් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමන් යුධ හමුදාවේ කිසිදු තනතුරක් ඉවත් කර නොමැති බවද  පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනය ඇතුළු උතුරේ ආරක්ෂක හමුදා කඳවුරු ඉවත් කරමින් හමුදා බල ඇණි අඩු කිරීමට හා ජිනීවා පොරොන්දු ඉටු කරමින් හමුදාවේ සංඛ්‍යාව අඩු කිරීමට රජය කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *