අවදානම් කලාපවල හැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ආරම්භ කිරීමට සැලසුම්

Share Button

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සේවා නැවත ආරම්භ කිරිීමට සැලසුම් කර තිබේ. කොවිඩ් 19 වෛරසය පැවතියද රජයේ නිර්දේශ අනුව සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් එම සේවා සැපයීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවෙයි. අධි අවදානම් දිස්ත්‍රික්ක වන කොළඹ. ගම්පහ. කඵතර. පුත්තලම. මහනුවර. කෑගල්ල සහ අම්පාර හැර සෙසු දිස්ත්‍රික්කවල සේවා ලබන සදුදා සිට ආරම්භ කෙරේ. සේවා ලබාගැනීමට පැමිණීමේදී ජනතාවද සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් සහ පොදු වගකීමකින් ක්‍රියාකිරීම වැදගත් වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී කේ. අලහකෝන් මහතා පැවසීය

අන්තර් පළාත් බස් රථ ලබන සදුදා ධාවනය නොවන බව හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ පෞද්ගලික බස්රථ ධාවනය අනිවාර්යය නොවන බවයි. එය හිමිකරුගේ අභිමතය පරිදි සිදු කෙරෙනු ඇත. සෞඛ්‍ය නීති අනුගමනය නොකරමින් ධාවනය කෙරෙන බස්රථවල බලපත්‍ර අහෝසි කරන බවද ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *