කොරෝනා වෛරසය මැඩලීමේ ප්‍රතිශක්තීකරණ එන්නතක්

Share Button

කොරෝනා වෛරසය මැඩලීමේ ප්‍රතිශක්තීකරණ එන්නතක් සර්ථක බව අත්හදා බලා තිබේ. බ්‍රිතාන්‍යය ඔක්ස්වර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ඊයේ එය සායනික අත්හදා බැලීම් සදහා යොදා ගැනිණි. ඊට දහසකට ආසන්න පිරිසක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. එමගින් කොරෝනා සෛල විනාශ වන බව තහවුරු වී තිබේ.

…….

පින්ලන්ත අග්‍රාමාත්‍යවරියට කොරෝනා ආසාදනය වී නැතැයි තහවුරු වෙයි. ඇය ඊයේ එම පරීක්‍ෂණයට යොමු වුවාය. අග්‍රාමාත්‍යවරිය සිය සාමාන්‍ය රාජකාරී ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය පවසයි. වෛසරය ආසාදනය වු බවට සැකකරන බැවින් ඇය ස්වයං නිරෝධායනයට යොමුවී සිටියාය. එරටින් කොරෝනා ආසාදිතයන් හාරදහස් 395 කු වාර්තාවේ. 177 දෙනෙකු මියගොස් තිබේ.

—–

ජපානයේ නැංගුරම් ලා තිබෙන ඉතාලි මගී නෞකාවක කාර්ය මණ්ඩලයේ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ. එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 623 දෙනෙකුගෙන් 60 දෙනෙකුට එම රෝගය වැලදී තිබේ. එම නෞකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෝගීන් සියලු දෙනා රෝහල්ගත කර ඇති අතර සෙසු පිරිස නෞකාවේම රදවා ඇත.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *