අහිතකර රූපලාවන්‍ය නිෂ්පාදනයන්ට පාරිභෝගික අධිකාරියෙන් නියාමනයක්

Share Button

අහිතකර රූපලාවන්‍ය නිෂ්පාදන මෙරට වෙළඳපොළට අවතීර්ණ වීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.අංක 2069/ 37 දරන ගැසට් පත‍්‍රයට සහ 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ, ක‍්‍රීම් සහ ලෝෂන් වර්ග වල අඩංගු විය යුතු බැරලෝහ වල උපරිම සීමාවන් දක්වා ඇත.
එයට අවනත නොවන පරිදි නිපදවීම, ආනයනය, ඇසුරුම් කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, තොග හෝ සිල්ලරට විකිණීම සහ ප‍්‍රදර්ශනය තහනම් වේ. ඇතුළත් විය යුතු බැරලෝහ මෙසේය.

ඊයම් – කිලෝගෑමයට මිලි ගෑම් 10 යි.
ආසනික් – කිලෝගෑමයට මිලි ගෑම් 3 යි.
රසදිය – කිලෝගෑමයට මිලි ගෑම් 1 යි.
කැඞ්මියම්- කිලෝගෑමයට මිලි ගෑම් 3යි.

මේකප්, ක්ලෙන්සීන්, මොයිස්චරයිසින්, කෙස් ඉවත් කිරිමේ, හිරු රශ්මියෙන් සම පිලිස්සීම වැළැක්වීමේ, සුදු වීම සඳහා භාවිත කරන, සමෙහි අදුරු පැහැය නොපෙන්වීම සඳහා භාවිත කරන ක‍්‍රීම් හෝ ලෝෂන් වර්ග සහ අදාළ නියාමන ආයතන විසින් සමෙහි ආලේප කරනු ලබන ක‍්‍රීම් හෝ ලෝෂන් වර්ගයක ලෙසින් හඳුනාගනු ලබන වෙනත් ඕනෑම නිෂ්පාදනයක් මෙයට ඇතුළත් වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11