ගාල්ල කරාපිටිය ශීක්‍ෂණ රෝහලේ හදවත් සැත්කම් සාමාන්‍ය පරිදි

Share Button

ගාල්ල කරාපිටිය ශීක්‍ෂණ රෝහලේ හදවත් සැත්කම් දැන් සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා කියයි. විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා ලබන සදුදා සිට සාමාන්‍ය පරිදි හදවත් සැත්කම්වල නිරතවීමට එකගත්වය පලකර තිබේ. ඒ මහතාට අමතරව තවත් විශේෂඥ වෛද්‍යවරියක රෝහලේ හදවත් සැත්කම් සිදුකරන බව අධ්‍යක්‍ෂවරයා පවසයි.

හදවත් සැත්කම් සිදුකරන ශල්‍යාගාරයේ සාමාන්‍ය ශීතකරණ දැන් ක්‍රියාත්මක වෙයි. එහෙත් මධ්‍යම ශීත.කරණ යන්ත්‍ර පිළිසකර කළයුතුව පවතී. එම කටයුතු කඩිනමින් නිමකරන බවට අදාළ කොන්ත්‍රාත්කරුවන් ප්‍රතිඥා දී තිබේ. රජය ඒ සදහා රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක මුදලක් ලබාදී ඇතැයි රෝහල් අධ්‍යක්‍ෂවරයා අප කළ විමසුමකදී පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *