මත්තල ගුවන් තොටුපොල ශ්‍රී ලංකා ඉන්දීය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන ඇමතිවරයා කියයි

Share Button

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල ආර්ථික වශයෙන් ලාභ ලබන රටේ සංවර්ධනයට දායකවන ක්‍රියාකාරී ගුවන් තොටුපොලක් බවට පත්කරන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. ඉන්දීය ගුවන් තොටුපොල අධිකාරිය ශ්‍රී ලංකා රජය සමග හවුල් ව්‍යාපාරයක් ලෙස එම ගුවන් තොටුපොල පවත්වාගෙන යාමට යෝජනා ඉදිරිපත් වී ඇති අතර දැන් ඒ පිළිබඳව සාකච්ඡා පැවැ්තවෙයි. එහිදී ජාතික ආරක්‍ෂාව සහ සේවක අයිතිවාසිකම් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කෙරේ. මත්තල ගුවන් තොටුපොල යුද ගුවන්යානා සදහා හෝ යුද කටයුතු සදහා කිසිසේත් භාවිත කළ නොහැකිය. ගුවන් තොටුපොලේ ආරක්‍ෂාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුවෙයි. කෙසේ වෙතත් ඉන්දීය ගුවන් තොටුපොල අධිකාරිය සමග ගිවිසුමක් අත්සන් කිරීමට පෙර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11