කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රතිචාර දැක්වෙන වෙබ් අඩවිය එළිදැක්වේ.

Share Button

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍රතිචාර දැක්වෙන වෙබ් අඩවිය එළිදැක්වේ. එය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන ආයතනයයි. අඅඅගජදඩසා19ගටදඩගකන මගින් ඊට පිවිසිය හැකිය. කොවිඩ් 19 සදහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර එකම වේදිකාවකට ගැනීම එහි අරමුණයි. ජනාධීපති ලේකම් කාර්යාලය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය. කොවිඩ් වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව. ආරක්‍ෂක අමාත්‍යංශය සහ යුද හමුදාව යන ආයතන මගින් ලැබෙන තොරතුරු ඊට අන්තර්ගත කෙරේ. කොවිඩ් 19 පැතිරයාම වැළැක්වීමට අදාළ සියලු තොරතුරු සහ ක්‍රියාකාරකම් සොයා ගැනීම සම්බන්ධ තොරතුරු කේන්ද්‍රස්ථානයක් ලෙස එය ක්‍රියාත්මක වෙයි. දේශීය හා ගෝලීය වශයෙන් නවතම යාවත්කාලීන කිරීම් සහ නිවැරදි තොරතුරු බාධාවකින් තොරව ජනතාවට ලබාගැනීමට හැකිවන පරිදි වෙබ් අඩවි නිර්මාණය කර ඇත. මෙය ආර්ථික. ආනයන සහ අපනයන සංචාරක. ප්‍රවාහන. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම. සමාජ සුබසාධනය. නීතය හා සාමය. ආරක්‍ෂක සහ අධ්‍යාපනය වැනි තොරතුරුවලින්ද සමන්විතයි. කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එය නිල වශයෙන් එළිදැක්විනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11