මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කළ ඊ.ටී.අයි ෆිනෑන්ස් අධ්‍යක්ෂවරුන් 4 කගේ විදෙස් ගමන් තහනම්

Share Button

තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම පැහැර හරිමින් මුදල් හා ව්‍යාපාර පනත උල්ලංඝනය කිරීමේ සිද්ධියට අදාළ ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂවරුන් හතර දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර අත්හිටුවන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (18) නියෝග කර තිබේ.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් හා ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයන්හි අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංග එදිරිසිංහ හා නාලක එදිරිසිංහ යන අයගේ විදෙස් ගමන් බලපත්‍ර මෙලෙස තහනම් කෙරිණි.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.බාරි මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම සැළකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්තුමිය ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල්වරයාව දැන්වත් කරන ලෙසද නියෝග කළේය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *