ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ට පහසුකම්
කොරෝනා වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්තවීමෙන් අපහසුතාවට පත් ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ට පහසුකම් ලබාදීමේ වැඩසටහනක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියාත්මක කරයි. ඩුබායි සහ එමිරේට්ස්හි සිටින විගමණික ශ්‍රමිකයන්ට වියළි ආහාර ලබාදීම තානාපති කාර්යාල. කම්කරු සුබසාධන අංශ මගින් සිදුකෙරේ. ඩුබායි. සාජා. එමිරේට්ස් . රෝයල්කායිමා. අජ්මාන් වැනි ප්‍රදේශවල සිටින ශ්‍රමිකයන්ටද කඩිනමින් වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු යොදා තිබේ. කර්මාන්ත ශාලා වසා දැමීමෙන් අපහසුතාට පත් වු සහ නීති විරෝධීව රැදි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මේ යටතේ සහන සැලසේ.