හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අරලියග මන්දිරයට කැදවීමට අගමැති ගත් තීරණය කාලෝචිත බව අවධාරණය කෙරේ

Share Button

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනා අරලියගහ මන්දිරයට කැදවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ගත් තිරණය ඉතා කාලෝචිත බව .හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. වැඩකරන ජනතාවගේ රැකියා සුරක්‍ෂිත කර සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා භාරකාර අරමුදල සුරක්‍ෂිත කර දෙන ලෙස ජාත්‍යන්තර කම්කරු දිනයේදී රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කීවේය. ජාතික ගුවන් විදුලියේ ප්‍රතිරාව සංවාද වැඩසටහනට එක්වෙමින් ඔහු අවධාරණය කලේ රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප ගෙවීමටත් පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙන්ම එදිනෙදා රැකියාවල නියුක්තවුවන්ට අදාළ සහන ලබාදීමට රජය ක්‍රියාකර ඇති බවයි.

පැවැති පාර්ලිමේන්තුව නැවත කැදවිය යුතු බවට විපක්‍ෂය ඉල්ලා සිටි්න්නේ දෙකඩ වී ඇති එක්සත් ජාතික පක්‍ෂයට එකතුවීමට හා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විීමට බව හිටපු අමාත්‍යවරයා පැවසීය. විදේශ රටවල ශ්‍රී ලාංකිකයන්ගේ ගැටඵ සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුවි තිබේ.

වාණීජ කර්මාන්ත හා ප්‍රගිතිශීලී වෘත්තීය සමිති සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමරපාල ගමගේ මහතා වැඩසටහනට එක්වෙමින් පැවසුවේ පසුගිය රජය සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක්වුවන්ට සාධාරණය ඉටුකිරීමට වත්මන් රජය ක්‍රියාකර ඇති බවයි. ඔම්බුඩ්ස්මන් ක්‍රියාවලිය මගින් ඊට විසදුම් ලැබෙනු ඇතැයිද ඔහු විශ්වාසය පල කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *