රජයේ උපදෙස් පිළිපදිමින් බේරුවල වරායේ ධීවර කටයුතු
බේරුවල ධිවර වරාය සංකීර්ණය මනා සැලැස්මකින් සහ සෞඛ්යාරක්ෂිතව පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබේ. රජයේ උපදෙස් පිළිපදිමින් ඉදිරි කාලයේ වරායේ කටයුතු සිදුකරන බව බේරුවල ධීවර වරාය සංවර්ධන කමිටුවේ සභාපති අජිත් දේවප්රිය මහතා පවසයි. ධීවර යාත්රා හිමිකරුවන්ගේ මුදල් යොදාගෙන අංගසම්පුර්ණ විෂබීජානුහරණ කුටියක් එහි ස්ථාපනය කර තිබේ. වරායට ඇතුඵවන සියලු දෙනාගේ උන පරීක්ෂා කෙරේ. ඇදිරි නීතිය ඉවත්කළ පසු සිල්ලර වෙළෙඳාමද ආරම්භ කිරීමට නියමිතයි.