ඉන්ධන ප්‍රවාහන පෞද්ගලික බවුසර් රථ සඳහා ලබාදෙන ප්‍රවාහන දීමනාව ඉහළට

Share Button

ඉන්ධන මිල වැඩිවීම නිසා  පෞද්ගලික බවුසර් රථ හිමියන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ඉන්ධන ප්‍රවාහන පෞද්ගලික බවුසර් රථ සඳහා ලබාදෙන ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

පසුගියදා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පෞද්ගලික බවුසර් රථ හිමියන් , සංස්ථාවේ කළමනාකාරීත්වය  සමඟ පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

පසුගිය ජුනි මස 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම යොජනාව ක්‍රියාත්මක බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *