අද සහ හෙට දිවයින පුරා විශේෂ පොළිස් මෙහෙයුම්- නිරෝධායන ඇදිරි නිතිය කඩකල නාවලපිටිය නගර සභා සභාපතිවරයා මැයි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Share Button

අද සහ හෙට දිවයින පුරා විශේෂ පොළිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ අතර නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා මැයි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබේ. නිරෝධායන නිති කඩ කරමින් මෙම පුද්ගලයා කණ්ඩායමක් සමග මත්පැන් පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඉදිරි මහ මැතිවරණය සදහා සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන පුද්ගලයෙකි.

වාරියපොල නෑටිය ප්‍රදේශයේ නාවික හමුදා කදවුරේ සෙබලෙකුගේ පියාට සහ සහෝදරයාට ගමේ ජනතාව පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අදහස් පලකළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ වැලිසර නාවික හමුදා කදවුරේ සිට පැමිණි මෙම නාවික හමුදා සෙබලාට කොරෝනා වැලදී සිට ඔහු සගවා සිටි බව පවසා ගමේ ජනතාව එම සෙබලාගේ පියාට සහ සහෝදරයාට පහර දී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *