එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 250 දෙනෙකු අද දිවයිනට

Share Button

දිවයිනට පැමිණීමට නොහැකිව එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 250 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතයි. ඔවුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ලන්ඩනයේ හිත්‍රෝ ගුවන් තොටුපොල වෙත අද අලුයම පිටත්ව ගිය බව රජය පවසයි. විදේශ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ වැඩපිළිවෙලේ දෙවන අදියර ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ. එරට සිටින තවත් සිසුන් පිරිසක් ලබන 05 වැනිදාද මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි. ඕස්ට්‍රේලියාවේ රැදි සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් රැගෙන ඒම සදහා විශේෂ ගුවන් යානයක් ලබන 08 වැනිදා මෙල්බර්න් නුවරට යාමට නියමිතව තිබේ. දකුණු ආසියානු රටවල සිටි ශ්‍රී ලාංකික සිසුන් 1065 දෙනෙකු මෙරටට ගෙන්වා ගැණුන අතර ඔවුන් නිරෝධායනයට යොමුකෙරිණි. එහි පළමු කණ්ඩායම ලබන බදාදා නිරෝධායනයෙන් පසු සිය නිවෙස්වලට යාමට නියමිතයි. අග්නිදිග ආසියානු කලාපයේ රටවල සිටින සිසුන් ගෙන්වා ගැනීමටද රජය ක්‍රියාකරයි. එම සිසුන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇත. ඉන්පසු රුසියාව. බෙලරූෂ්. ඇතුඵ රටවල සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට ක්‍රියාකෙරේ. අමෙරිකාව සහ කැනඩාව යන රටවල සිටින සිසුන් යුරෝපයට හෝ මැද පෙරදිගට ගෙන්වා ගෙන එතැනි සිට දිවයිනට රැගෙන ඒමේ වැඩපිළීවෙලක්ද රජය සැලසුම් කර තිබේ. එම රටවලට ශ්‍රී ලංකාවේ සිට ඍජු ගුවන්සේවා ක්‍රියාත්මක නොවීම ඊට හේතුවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *