කොවිඩ් වසංගතය හමුවේ මෙරටට මුල්‍යමය විදේශාධාර ලැබී නැතැයි අගමැති කියයි.

Share Button

කොවිඩ් 19 වෛරස තත්ත්වයට අදාළව මෙරටට මුල්‍යමය වශයෙන් විදේශාධාර ලැබී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. අග්‍රමාත්‍යවරයා මේ බව පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිීවරුන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පැවැති සාකච්ඡාවේදීය. කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තාවීමේ සිට වෛරසය මැඩපැවැත්වීමට රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සහ නිරෝධායන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ බුද්ධි අංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැනුවත් කළහ. ලෝක බැංකුව වත්මන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ අමෙරිකානු ඩොලර් මිලියන 127 ක ආධාරයක් ලබාදීමට එකග වී තිබේ. ඊට අදාළ ගිවිසුම් අත්සන් කළද මෙතෙක් එම මුදල් රටට ලැබී නැතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා එහිදී පැවසිීය. ඉදිරියේදී එම මුදල් ලැබීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොවිඩ් සම්බන්ධ වියදම් පියවා ගැනීමට එම මුදල් හිමිව තිබේ. මීට අමතරව විදේශාධාර වශයෙන් ද්‍රව්‍යමය ආධාර සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇතැයිද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කිවේිය. සිය නිවෙස්වලට යාමට නොහැකිව සිරවී සිටින උතුරු නැගෙනහිර ජනතාවට නැවත යෑමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙස සාකච්ඡාවට එක්වු උතුරු නැගෙනහිර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඉල්ලා සිටියහ. එම ප්‍රදේශවල වැඩි පිරිසක් දෛනික ආදායම ලබන්නන් බැවින් ඔවුන්ට රජයෙන් ලබාදෙන සහනාධාරය වැඩිකර දෙන ලෙසද ඔව්හු ඉල්ලා සිටියහ. පොලිස්පතිවරයා මෙහිදී සදහන් කලේ කොළඹ ඇතුඵ නරගවල සිටින 50 දහසක පමණ පිරිසක් ක්‍රමානුකුලව ඔවුන්ගේ ගම්බිම්වලට යැවීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මසක වැටුප පරිත්‍යාග කිරීමටද එකගතාව පලවිය. නිවෙස්වල සිටින දරුවන්ගේ ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා පිළිතුරුදීමේ වැඩසටහනට හිටපු මන්ත්‍රිවරුන්ගේ ප්‍රසාදය හිමිවිය. එවැනි තවත් වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු බවට එහිදී යෝජනා විය. දෙමල ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා එහිදිී යොජනාවලියක් අග්‍රාමාත්‍යවරයාට භාරදුන්නේය. එහිදී පලවු අදහස් යෝජනා සාකච්ඡාට ලක්කර සුදුසු ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සාකච්ඡාව අවසායේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11