වෙසක් සතිය ආරම්භ වෙයි

Share Button

වෙසක් සතිය අද ආරම්භ වෙයි. සෑම නිවසකම අද සිට බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ඉල්ලා සිටී.

මේ අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියහග මන්දිරයේදී ලබන 6 වනදා පෙරවරුවේ පැවැත්වෙන බව ද කාරියප්පෙරුම මහතා කියයි

සෞඛ්‍ය උපදෙස්වලට අනුව මෙවර වෙසක් සැමරීමට ජනතාව අවධානය යොමුකල යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසති.

මෙවර වෙසක් උත්සවය සැමරීමේදී සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රම අනුගමනය කරමින් හැකිතාක් නිවස මුලික කරගත් ආමිස සහ ප්‍රතිපත්ති පුජාවල නිරතවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී. එම අමාත්‍යංශයේ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය කියා සිටියේ කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීමට පුද්ගල දුරස්ථබව පවත්වා ගැනීම වැදගත් බවයි. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් පිරිත් හා ධර්ම දේශනා වැඩසටහන් සංවිධාන කිරීම සුදුසුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *