හැදුනුම්පතේ අවසාන අංකය අනුව නිවසින් බැහැරයාමේ ක්‍රමවේදය ලබන සදුදා සිට
හැදුනුම්පතේ අවසාන අංකය අනුව නිවසින් බැහැරයාමේ ක්‍රමවේදය ලබන 11 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව රජය පවසයි ඇදිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පමණක් එය බලපැවැත්වේ. ඇදිරි නීතිය ලිහිල් කළ පසු එම ක්‍රමය අදාළ නොවේ. ඇදිරි නීතිය ලිහිල්කළද ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීමෙන් වැළකී සිටිය යුතුය. ඇදිරි නීතිය තිබියදී ආර්ථික සහ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සිදුවන අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම පිණිස එම විධීවිධාන ක්‍රියාත්මක කිරීිමේ අරමුණ වී තිබේ.