පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටියේදී අත්අඩංගුවට ගත් සැකකරුගේ කාර්යාල දෙකක් මුද්‍රා තැබේ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටියේදී පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුගේ කාර්යාල දෙකකට මුද්‍රා තැබුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි. මොහු කල්පිටිය ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක භාරකරු ලෙස කටයුතු කර තිබේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තාවදීන් ගෙන්වා ගෙන අන්තවාදී මතවාද පැතිරිීමට සහ තරුණයන්ට අවි පුහුණුව ලබාදිීමට ඔහු ක්‍රියාකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.