මෙරටින් 8 වන කොරෝනා මරණය වාර්තාවේ
මෙරටින් වාර්තාවන 8 වන කොරෝනා මරණය අද රාත්‍රි සිදුවු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මියගොස් ඇත්තේ කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. ඇය හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය. එම කාන්තාව වකුගඩු රෝගයෙන් පෙඵන බවද වාර්තාවේ. මෙරට සිදුවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 8 කි. කොරෝනා ආසාදිතයන් 751 දෙනෙකු මේ වනවිට වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. අද රෝගීන් 33 දෙනකු හදුනාගෙන තිබේ. සුවය ලැබු සංඛ්‍යාව 194 කි. අද දිනයේදී ප්‍රතිකාර ලැබු දස දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. 137 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබති. ගෝලීය වශයෙන් කොරෝනා රෝගීන් සුවය ලැබීමේ අනුපාතයට අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 4 වැනි ස්ථානයේය. එම අනුපාතය දැක්වෙන්නේ සියයට 26 යි දශම 9 ක් ලෙසයි. පළමු ස්ථානයේ ස්පඤ්ඤය පසුවෙයි. දෙවන හා තුන්වන ස්ථාන හිමිව ඇත්තේ ඉතාලිය හා ප්‍රංශයටයි.