කොවිඩ් රෝගයට එන්නතක් නිපදවීම සදහා ඩොලර් බිලියන 8 අරමුදලක්

Share Button

කොවිඩ් රෝගයට එන්නතක් නිපදවීම සදහා අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. ඒ සදහා ගෝලීය සම්මන්ත්‍රණයක් අද ආරම්භ විය. අද සිට ලබන මස 04 වැනිදා දක්වා එය පැවැත්වෙන්නේ ඩොලර් බිලියන 8 ක අරමුදලක් එක්රැස් කිරීමේ අරමුණිනි. සමුඵව පැවැත්වෙන්නේ දුරස්ථ විඩියෝ තාක්‍ෂණය භාවිතයෙනි. ඊට රටවල් 8 ක් සහ යුරෝපා කොමිසම සම සත්කාරකත්වය දක්වයි.

බ්‍රසීලය. තුර්කිය. රුසියාව. ජර්මනිය. ප්‍රංශය. යන රටවල කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවා තිබේ. ඉන් රුසියාව. ජර්මනිය. ප්‍රංශය යන රටවල ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක්ලක්‍ෂ 45 දහසකට අධිකයි. ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙලක්‍ෂය ඉක්මවා ඇත. බ්‍රිතාන්‍යයේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව එක්ලක්‍ෂ 80 දහස් 599 කි. අමෙරිකාවේ එම සංඛ්‍යාව 12 ලක්‍ෂයට ආසන්න වී තිබේ. ප්‍රංශය. බ්‍රිතාන්‍යය. ඉතාලිය. සහ ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාවද 24 දහසකට අධිකයි. ජර්මනිය. ස්පාඤ්ඤය සහ අමෙරිකාවේ සුවවුවන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පවතී. අමෙරිකාවේ එක්ලක්‍ෂ 78 දහසකට වැඩි පිරිසක් සුවය ලබා තිබේ. ස්පාඤ්ඤයේ සුව වු රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තා වන්නේ එක්ලක්‍ෂ 51 දහස් 633 ක් ලෙසය. ජර්මනියේ එම සංඛ්‍යාව එක්ලක්‍ෂ 32 දහස් 700 ක් ලෙස වාර්තාවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *