බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මකයි

Share Button

කොළඹ. ගම්පහ. කඵතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද සිට ලබන බදාදා තෙක් රාත්‍රි 8.00 සිට අලුයම 5.00 දක්වා බලපැවැත්වේ. ලබන බදාදා රාත්‍රි 8.00 ට එම දිස්ත්‍රික්කවලට යළි පනවන ඇදිරි නීතිය ලබන 11 වැනිදා අලුයම 5.00 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. අවදානම් කලාප ලෙස හදුනාගෙන ඇති දිස්ත්‍රික්ක හතරේ ඇදිරි නීතිය තිබියදී ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීම ආරම්භ වන්නේ ලබන 11 වැනිදායි. එම දිස්ත්‍රික්ක හතරේ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ ආයතන ලබන සදුදා සිට විවෘත කර පවත්වාගෙන යායුතුය. ඊට අදාළ නිර්දේශීත සෞඛ්‍ය මාර්ගෝපදේශ මුලුමනින් පිළිපැදීම අත්‍යවශ්‍ය වේ. පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00 ට විවෘත කළයුතුය. ගමනාගමන මණ්ඩලයේ බස්රථ හා දුම්රියේ ගමන් කළහැක්කේ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ රැකියාවලට යන අය පමණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *