රටට ආශිර්වාද පතා දිවයිනේ සියලු විහාරස්ථානවල පිරිත් දේශනය සජ්ජායනා කෙරේ.

Share Button

රටේ පවතින වසංගත තත්වය හමුවේ මහ සංඝරත්නය මැදිහත්වී අධ්‍යාත්මිකව ආශිර්වාද සිදුකළ යුතු බව ජනාධීපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමග පැවැති විශේෂ සංඝ සභාවේදී මහ සංඝරත්නය පෙන්වා දුන්නහ. උන්වහන්සේලාගේ ඉල්ලීම සහ මගපෙන්වීම වුයේ කොවිඩ් වසංගතයට මුහුණදී සිටින රටවැසියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ජ්වර පිරිත දේශනය දිවයිනපුරා සියලු විහාරස්ථානවලදී සජ්ජායනා කළයුතු බවයි. එම ඉල්ලීමේ ඇති වැදගත්කම සලකා එය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා තීිරණය කර තිබේ. හෙට පස්වරු 5.00 සිට මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරස්ථානය මුල්කරගෙන දිවයිනේ සියලුම විහාරස්ථානවලදී පිරිත් දේශනය සජ්ජායනා කෙරේ. මහ සංඝරත්නයේ අනුශාසනා පරිදි පිරිත් දේශනය විනාඩි 30 කට සිීමා කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11