කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීමට කැපවු අංශවලට ගෞරව දැක්විමේ ගීතයක් එළිදැක්වේ.

Share Button

කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීමට කැපවු සියලු අංශවලට ගෞරව දැක්වීම සදහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත රටට වාසනාවේවා ගිතය දොරට වැඩුම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අද සිදුකෙරුණි. එහි සංගිීත නිර්මාණය කර ඇත්තේ තරුපති මුණසිංහ මහතායි. විශාරද සහන් ගුණවර්ධන ගීතය ගායනා කරයි. ගීතය හදුන්වාදීමේ දේශනය ප්‍රවීන ගීත පදරචක සුනිල් සරත් පෙරේරා මහතා සිදුකළේය. පශ්චාත් කොරෝනා අවදිය වඩාත් සුබදායි වනු ඇති බවත් එම ව්‍යසනය මෙරට ආර්ථිකයත් සාහිත්‍යයත් ගොඩනගා ගැනීමට ඉවහල් වනු ඇති බවද ඔහු එහදී පැවසීය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී කියා සිටියේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව මුහුණදුන් විශාලතම ඛේ්දවාචකය මෙය වන බවයි. ජනාධීපතිතුමා සහ අගමැතිතුමා සුදුසු පුද්ගලයන්ට කොරෝනා මර්දන වගකීම් භාරදී රටේ ජනතාවගේ ජිවිත බේරාගැනීමට ක්‍රියාකළ බවද පැවසීය

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ගීතය කාලීන අවශ්‍යතාවක් වන අතර එය සදාකාලික සිහිවටනයක් වන බවද පැවසීය. ගීතයක් සියදහස් වාරයක් ශ්‍රවනය කළද එහි රසට අඩු නොවන බවද සභාපතිවරයා කීවේය

ප්‍රථම ගීත තැටිය යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට පිළීගැන්වීය. ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ. රූපවාහිනි සංස්ථාවේ සභාපති නිහාල් ජයතිලක. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කඵවැව යන මහත්වරු ඇතුඵ පිරිසක් ඊට සහභාගීවුහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11